දහතුන් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන වාද විවාද

parliament

දහතුන් වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනයට කෙරෙන වෙනස්කම් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවකදී සාකච්ජා කිරීමකින් තොරව කෙරෙන වෙනස්කම් වලට තමන් එරෙහිවන බව මුස්ලිම් කොන්ග්‍රසය කියා සිටී.

මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවූෆ් හකීම් බී බී සී සංදේශයට කියා සිටියේ මේ පිළිබඳව තමන් ජනාධිපති වරයාට දැන්වීමට කටයුතු කොට ඇතිව බවයි.

මේ අතර වාරයේ .දහතුන් වෙනි සංශෝ ධනය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම පිණිස ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමින්වන්සේ ඉදිරිපත් කළ යෝජනාවට සහයෝගය ලබා ගැනීම සඳහා ජාතික හෙළ උරුමයේ නියෝජතයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වීක්‍රමසිංහ මුන ගැසුනහ.

යෝජනාව අධ්‍යනය කොට තම ප්‍රතිචාරය පළ කරන බව විපක්ෂ නායක රනිල් වීක්‍රමසිංහ තමන්ට දැන්වූ බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ බී බී සී සංදේශයට කියා සිටියේය.

ආණ්ඩුව අවතැන් වූ ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීම සඳහා හදිසි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තමන්ගේ නම් ලියා පදිචි වී නැති බව කියමින් අධිකරණයට ඉදිරිපත් කෙරෙන පෙත්සමක් හරහා උතුරේ පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඉඩ ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් කොළොඹ දී ප්‍රකාශ කළේය.