තමිල්නාඩුවේ උද්ඝෝෂණය කළ 400 ක් අත් අඩංගුවේ

A protest against Sri Lanka officers in Kunnoor (file photo)
Image caption ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් ආපසු යවන තුරු උද්ඝෝෂණය නොනවත්වන බව උද්ඝෝෂකයෝ පවසති

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ වේදනාව සම්බන්ධයෙන් සංවේදී නොවන බවට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට චෝදනා කරමින් නිල්ග්‍රිස් දිස්ත්‍රික්කයේ කුන්නූර් නගරයේ උද්ඝෝෂණයක යෙදී සිටි හාරසියයකට ආසන්න පිරිසක් තමිල්නාඩු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

තමිල්නාඩුවේ වෙලිංටන් ආරක්ෂක ඇකඩමියේ පුහුණුව ලබමින් සිටින ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් දෙදෙනකු ආපසු යවන බවට දුන් පොරොන්දුව ඉටු නොකළ බවට උද්ඝෝෂකයෝ බලධාරීන්ට චෝදනා කළහ.

දේශපාලන පක්ෂ සහ දෙමළ සංවිධාන නියෝජනය කරමින් සිය ගණනක පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටියහ.

පිරිසක් අත් අඩංගුවට පත් වූ නමුත් ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ආපසු යවන තුරු සිය උද්ඝෝෂණය නොනවත්වන බව උද්ඝෝෂකයෝ පවසති.