ඉදිරි මැතිවරණයේදී හකීම් නැවතත් තනියම

Rauff Hakeem
Image caption සමහරක් බලතල පළාත් සභා වලින් ඉවත් කැරෙන යෝජනා සම්මත වූයේත් මුස්ලිම් කොන්ග්‍රසයේ සහායෙන්

ඉදිරි පළාත් සභා මැතිවරණ වලදී තනිවම තරග වැදීමට තමන් තීරණය කොට තිබෙන බව රජයේ හවුල්කාර ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ප්‍රකාශ කරයි.

උතුරේ, වයඹ සහ මධ්‍යම පළාත් වල මැතිවරණ පවත්වන බව රජය මේ වනවිට ප්‍රකාශයට පත් කොට තිබේ.

සිය ප්‍රාදේශීය නායකත්වය පක්ෂයේ මධ්‍යම පළාත් කාර්යාලයේ දී හමුවීමෙන් අනතුරුව මහනුවරදී මාධ්‍යවේදීන් ඇමතූ පක්ෂ නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් පක්ෂයේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

නැගෙනහිර පළාත් සභා ඡන්දයේදී වෙන්ව තරග වැදී තේරී පත්වුණු මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීවරු පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය ලබාදීම සඳහා ආණ්ඩු පක්ෂයට එක්වූහ.

ඇතැම් පළාත් සභා බලතල මධ්‍යම රජයට පැවරෙන දිවි නැගුම පණත සම්මත කරගැනීම සඳහාත් නැගෙනහිර මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී වරුන් ඡන්දය දුන්නේ ආණ්ඩු පක්ෂය සමගයි.

සමහරක් බලතල පළාත් සභා වලින් ඉවත් කැරෙන යෝජනා ද ඉකුත් සතියේ වයඹ හා මධ්‍යම පළාත් සභා වලදී සම්මත වූයේත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහායෙන්.

මධ්‍යම පළාත් සභාවේ තමන්ට සිටි එකම මන්ත්‍රීවරයා ‘පීළි පැන්නේ’ යයි සඳහන් කළ අමාත්‍ය රවුෆ් හකීම් වයඹ පළාත් සභාවේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් ට රජය හා එක්ව ඡන්දය දීම සඳහා ඉහළ මට්ටමින් බලපෑම් සිදුවූ බවට චෝදනා කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර