චීන නායක බෝ ෂිලායිට එරෙහි නඩුව මේ සතියේ

Bo Xilai
Image caption බෝ ෂිලායිට එරෙහි චෝදනා චීන කොමියුනිස්ට් නායකත්වය අස්ථාවර කිරීමට පවා හේතුවිය

වංචා සහ දුෂණ චෝදනා වලට ලක් වූ චීනයේ ප්‍රබල දේශපාලනඥයකු වන බෝ ෂිලායිට එරෙහි නඩුව මේ සතියේ ආරම්භ කරන බව චීනය නිවේදනය කළේය.

කලක් තිස්සේ පමා වෙමින් පැවති මෙම නඩු විභාගය අගෝස්තු විසි දෙවැනිදා ආරම්භ වන බව චීන රූපවාහිනිය ජනතාවට දැනුම් දුන්නේය.

අල්ලස් ගැනීම් , මුදල් වංචා කිරීම් සහ බලය යුතු ලෙස පාවිච්චි කිරීම් පිළිබඳව හෙළිදරවු වීමෙන් අනතුරුව බෝ ෂිලායිට තනතුරු අහිමි වූ නමුත් මේ සිදුවීම් දාමය චීන කොමියුනිස්ට් නායකත්වය අස්ථාවර කිරීමට පවා සමත් විය.

බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ වරදට බෝ ෂිලායිගේ බිරිඳට අත් හිටවූ මරණ දණ්ඩනය හිමි වුනේ පසුගිය වසරේදී.

චීන පොලිස් නිලධාරියකු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රැකවරණ ලබා බෝ ෂිලායිගේ බිරිඳ මිනී මැරුමකට සම්බන්ධ බවට චෝදනා කිරීමෙන් අනතුරුවයි, එම චෝදනා සියල්ල හෙළිදරව් වූයේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර