හමුදාව වැලිවේරියට ආවේ 'ආරක්ෂක ලේකම්ගේ පණිවිඩයක් රැගෙන'

වැලිවේරියේ වෙඩි තැබීම සිදු කළ බව පැවසෙන හමුදා කණ්ඩායම එම ස්ථානයට පැමිණියේ ආරක්ෂක ලේකම් වරයාගේ පණිවිඩයක් රැගෙන බව වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කරයි.

වැලිවේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මේ බව කියා සිටියේ වෙඩි වැදී මිය ගිය තිදෙනාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින්.

වෙඩි හඬ ඇසුන නමුත් වෙඩි තබනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න තමා නොදන්නා බවයි පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කියා සිටියේ.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කියා සිටියේ සාක්ෂි කරුවන්ට බලපෑම් එල්ල වී ඇති බව යි.

සාක්ෂි ලබා දීම සඳහා නියමිතව සිටි වැලිවේරිය කතෝලික දේවස්ථානයේ පියතුමා සහ කන්‍යා සොහොයුරිය ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියේ නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර