‘පවුලේ අවුලට විසඳුම දික්කසාදය නොවේ’ - විග්නේශ්වරන්

සිංහල හා දෙමළ ජනයා එක පවුලක් බව පවසන උතුරු පළාත් සභා මැතිවරණයේ දමිල ජාතික සන්ධානයේ මහ ඇමති අපේක්ෂක විශ්‍රාම ලත් විනිසුරු සී.වී.විග්නේශ්වරන්, පවුල වෙන් නො වෙමින් අවුල විසඳා ගැනීමට අසල්වාසීන් ගේ මැදිහත් වීම අනවශ්‍ය බව ප්‍රකාශ කරයි.

තමිල්නාඩු දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ දමිල ජනතාව ටෙනිස් බෝලයක මෙන් භාවිත කරමින් හැසිරෙන ආකාරයෙන් තම පක්ෂය අපහසුතාවට පත් වන බව පවසන ඔහු, ශ්‍රී ලංකාවේ ගැටලු වෙනුවෙන් ඔවුන් විසඳුම් දීමට ඉදිරිපත් වෙමින්, රට බෙදීම අවශ්‍ය බව ප්‍රකාශ කිරීමෙන් දමිල ජනතාවට ශ්‍රී ලංකා ආණ්ඩුව හා සාකච්ඡා කිරීමට ඇති අවස්ථාව ගිලිහී යන බවයි ඔහු කියා සිටින්නේ.

'පවුලේ අවුල'

‘පවුල ඇතුළේ ප්‍රශ්න තියෙන කොට පිටින් අසල්වැසියෝ ඇවිත් දික්කසාද වෙන්න කියල බල කිරීමෙන් වෙන්නේ තවත් ගැට‍ළු ඇතිවීම. අපට මේක විසඳ ගෙන දෙගොල්ල ම එකට ඉන්න උත්සාහ කරන්නටයි ඕන.’ බී බී සී සංදේශය හා පැවතී සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකාවේ ප්‍රශ්න පිළිබඳ ඉන්දීය තරුණ පරපුර දක්වන උනන්දුව අපි අගය කරන නමුත් අර්බුදයට විසඳුම පිටස්තර බලපෑමෙන් තොරව සොයා ගත හැකි බවයි විශ්‍රාම ලත් විනිසුරු සී.වී.විග්නේශ්වරන් ප්‍රකාශ කරන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර