‘ හමුදා භටයන් උතුරේ මැතිවරණ කටයුතුවල’ - සිවාජිලිංගම්

  • 2013 සැප්තැම්බර් 17

මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදෙමින් සිටි තමා ඇතුළු ආධාර කරුවන් පිරිසක් යුද හමුදා භටයින් විසින් දෙ පැයක කාලයක් රඳවා ගැනුණු බව දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කරයි.

උතුරේ මැතිවරණ කටයුතු වලට සහභාගී වී සිටින පිරිස් අතරේ නිල ඇඳුමෙන් සැරසුණු යුද හමුදා භටයන්ට අමතරව, සිවිල් ඇඳුමෙන් යුතු යුද භටයන් සහ බුද්ධි අංශයේ නිලධාරීන් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් අපේක්ෂක එම්. කේ සිවාජිලිංගම් ප්‍රකාශ කර සිටියේය.

නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ සඳුදා රාත්‍රී පැවති රැස්වීමකින් පසු වේදිකා සහ ශබ්ද වාහිනී උපකරණ කඩා දැමීම පිළිබඳව ද ඔහු ආරක්ෂක හමුදාවනට චෝදනා කළේය.

මෙම සිද්ධීන් වලට ආරක්ෂක අංශ සම්බන්ධයක් නොමැති බව පවසන හමුදා ප්‍රකාශක එවැනි සිද්ධීන් පිලිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටින බව ද කියා සිටියේය.