උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපලය බියකරු අනාගතයක පෙරනිමිත්තක්- ජාතික හෙළ උරුමය

  • 2013 සැප්තැම්බර් 26
champika ranawaka

උතුරු පළාත් සභා මැතිවරණයේ දෙමළ ජනතාවට තමන්ට අවශ්‍ය පක්ෂවලට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබී නැතැයි රජයේ පාර්ශවකරුවෙකු වන ජාතික හෙළ උරුමය කියා සිටී.

දෙමළ ජාතික සන්ධානය ලැබූ ජයග්‍රහණය බියකරු ප්‍රතිඵල ගෙන දිය හැකි බවත් යුධ ජයග්‍රහණය දේශපාලන වශයෙන් පරාජය වී ඇති බවත් අමාත්‍ය චම්පික රණවක ප්‍රකාශ කළේය.

ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ කරන ඇඟිලි ගැසීම් නිසා ජාතීන් අතර සහජීවනය ගොඩ නැගීම දුෂ්කරවී ඇති බව අමාත්‍ය චම්පික රණවක කියා සිටියේය.

මානව හිමිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි උතුරට ගොස් යුධ අපරාධ පිළබඳව නැගෙන චෝදනා තමන් ජාත්‍යාන්තර තලයට ගෙන යන බව දෙමල ජනතාවට ප්‍රකාශ කිරීම තුලින් සාධාරණ මැතිවරණයකට තිබු ඉඩකඩ අහුරා දැමු බව රණවක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් මේ ගැටළු විසඳාලිය යුතු හෙයින් ජාතික හෙළ උරුමය තව දුරටත් ආණ්ඩුව සමග රැදී සිටින බව අමාත්‍ය චම්පික රණවක වැඩිදුරටත් කියා සිටියේය.