අලුත්වැව සෝරත නායක හිමියෝ අපවත් වෙති

Aluthwewa Soratha Nayake Thero
Image caption ආචාර්ය අලුත්වැවේ සෝරත නාහිමියෝ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියද හෙබවූහ

කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැවේ සෝරත නාහිමියෝ අපවත් වූහ.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියද හෙබවූ සෝරත නාහිමියෝ පාසල් කිහිපයක ආචාර්යවරයකු වශයෙන්ද කටයුතු කර ඇත.

උන් වහන්සේ විසින් රචනා කරන ලද 'කතරගම ඉතිහාසය' ග්‍රන්ථය පාඨක, විචාරක ප්‍රසාදයට පාත්‍ර වූවකි.

අපවත් වන විට උන් වහන්සේ හැත්තෑ වන වියෙහි පසු වූහ.