ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පොදු රාජ්‍ය මණ්ඩලය තවත් අර්බුදයක

පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය සහ එහි කටයුතු සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බ්‍රිතාන්‍යය ආණ්ඩුව ඊට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීමේ සැලැස්මක් ඇති බවක් එක්සත් රාජධානියේ පළ කෙරෙන පුවත්පත් මගින් වාර්තා කොට ඇත.

එම පුවත්පත් වාර්තා සම්බන්ධයෙන් සංදේශය කළ විමසීමකදී පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් වරයාගේ ප්‍රකාශක රිචර්ඩ් උකු කියා සිටියේ,බ්‍රිතාන්‍ය රජය අරමුදල් කප්පාදු කරනු ලැබීම සහ තමන්ගේ ක්‍රියාකාරිත්වය අතර හෝ මහ ලේකම් කමලේෂ් ෂර්මා සම්බන්ධයෙන් එල්ල වෙමින් පවතින චෝදනා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.