ටීඑන්ඒ ඇමතිවරු දිවුරුම් දීමට විරෝධයක්

TNA new CM Wigneshwaran with party leaders (file photo)

උතුරු පළාත් සභාවේ ඇමතිවරුන් සිවු දෙනා තේරීම් සම්බන්ධයෙන් හටගෙන තිබෙන මතභේද හේතුවෙන් අමතිවුන් දිවුරුම් දීමේ උත්සවය දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පක්ෂවල සාමාජිකයෝ වර්ජනය කළහ.

ඉලංගෙයි තමිල් අරසු කච්චිහි ටී කුරුකුලරාජා සහ දොස්තර පී සත්‍යලිංගම්, ඊපීආර්එල්එෆ් සංවිධානයේ පී අයින්ගරනේෂන් සහ ටෙලෝ සංවිධානයේ නීතිඥ ඩෙනීස්වරන් මහ ඇමති සීවී විග්නේශ්වරන් ඉදිරියේ අද දිවුරුම් දුන් ඇමතිවරු සිවු දෙනායි.

ඊපීආර්එල්එෆ් සංවිධානය, ප්ලොට් සංවිධානය, සහ අමාත්‍ය පදවියකට යෝජිතව සිටි ටෙලෝ සංවිධානයේ එම් කේ සිවාජිලිංගම් යාපනයේ වීරසිංහම් ශාලාවේ උත්සවය වර්ජනය කළ බවයි, වාර්තාවල දැක්වෙන්නේ.