මානව හිමිකම් පැමිණිලි සංඛ්‍යාවේ අඩුවක්

Image caption Supreme Court Sri Lanka

පසුගිය වසරේ මුල් මාස හය ට සාපේක්ෂව මෙම වසරේ අදාළ කාල සීමාව තුල ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති මානව හිමිකම් පැමිණිලි සංඛ්‍යාව අඩුවී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තා පෙන්වා දෙයි.

2012 වසරේ පළමු මාස හය තුල ඉදිරිපත් වූ මානව අයිතිවාසිකම් පෙත්සම ගණන 332 කි.

එහෙත් මේ වසරේ එම කාල සීමාව තුලදී ලැබුණු පෙත්සම් සංඛ්‍යාව 221 දක්වා අඩුවී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ නීතිවේදියෝ සංවිධානයේ කැඳවුම්කරු ලාල් විජේනායක පැවසුවේ මානව හිමිකම් නඩු පැවරීම සඳහා අධික වියදමක් දැරීමට සිදුවන නිසා ජනතාව ඊට මැලිකමක් දක්වන බවයි.

විශ්වාසය බිඳ වැටීම

එසේම අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටීමද මෙම කඩා වැඩීමට හේතුවී තිබෙන බවයි නීතිඥ ලාල් විජේනායක පෙන්වා දෙන්නේ.

ජනාධිපති නීතිඥ ජයතිස්ස ද කොස්තා පවසන්නේ යුද්ධය නිමා වීමත් සමග මානව හිමිකම් කඩවීම් අඩුවී ඇති බවයි.

අධිකරණ කෙරෙහි පවතින මහජන විශ්වාසය හීන වීම මානව හිමිකම් පැමිණිලි අඩු වීමට හේතුවී ඇති බවට නැගෙන තර්කය ඔහු ප්‍රතික්ෂේප කරයි