වරෙන්තුවක් නෑ, ඒත් මංගල අත් අඩංගුවට ගන්නවා - පොලිසිය

Mangala Samaraweera
Image caption සමරවීර මන්ත්‍රීවරයා ප්‍රහාරයට සම්බන්ධ වූ බවට සාක්ෂි ඇතැයි පොලිසිය පවසයි

එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් දෙපාර්ශවයක් අතර පසුගියදා මාතර දී හටගත් ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු පිරිසක් ඉක්මනින්ම අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව පොලිසිය පවසයි.

පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඒ බව කියා සිටියේ, අදාල පිරිස අත් අඩංගුවට ගන්නා මෙන් මාතර අධිකරණය දුන් නියෝගය පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේදී.

පොලිසිය කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් නිකුත් කොට තිබෙන්නේ මඟ පෙන්වීමක් පමණක් බව පවසන පොලිස් ප්‍රකාශකවරයා, මන්ත්‍රීවරයා ඇතුලු පිරිස අත් අඩංගුවට ගැනීම සහ ඉදිරි පරීක්ෂණ වෙනුවෙන් දැනටමත් විශේෂ පොලිස් කණ්ඩායමක් මාතරට පිටත් කොට යවා තිබෙන බවද සඳහන් කළේය.

සමරවීර මන්ත්‍රීවරයාගේ අධාරකරුවන් විසි හත් දෙනකු සහ ප්‍රතිවාදී පර්ර්ශවයේ ආධාරකරුවන් පිරිසක් මේ වන විටත් අත් අඩංගුවේ පසුවන අතර, ඔවුන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන මෙන්ද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර