මංගල සමරවීරට ඇප

මාතර පොලිසියට භාර වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර රුපියල් ලක්‍ෂයක ඇප මත නිදහස් කර ඇත.

මංගල සමරවීර මන්ත්‍රීවරයා සමග පොලිසිය වෙත භාර වූ තවත් සැක කරුවන් දෙදෙනෙක් මෙලෙස ඇප මත නිදහස් කිරීමට මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

පොලිස් භීෂණයක්

මේ අතර අද මාධ්‍ය හමුවකට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මාන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ මාතර ප්‍රදේශයේ පොලිස් භීෂණයක් ක්‍රියාත්මක වන බවයි.

පසුගිය 05 වන දින මාතර ප්‍රදේශයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේදී පක්ෂ නායකයාගේ ආධාර කරුවනට පහර දුන් පාර්ශ්වයේ කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, හඳුනාගැනීමට නොහැකිවීම හේතුවෙන් අත්අඩංගුවට නොගත් බව පොලීසිය විසින් පවසන බවත් මහ ලේකම්වරයා චෝදනා එල්ල කර සිටියා.