එජාප නායකත්ව මණ්ඩලයෙන් සජිත්, තලතා අස්වෙති

UNP leaders
Image caption පක්ෂ නායකයා සතුව තිබුණු බලතල 19 ක් නායකත්ව මණ්ඩලයට පවරා තිබේ

කරු ජයසූරිය මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ නමුත්, නායකත්ව මණ්ඩලයට නම් කෙරුණු දෙදෙනෙකුම එයින් ඉල්ලා අස්වන බව මේ වනවිටත් නිවේදනය කොට තිබේ.

රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නායකයා වශයෙන් දිගටම රැඳී සිටියදී කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රුවන් විජයවර්ධන සහ තලතා අතුකෝරළ නායකත්ව මණ්ඩලයට පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

එමෙන්ම නිල බලයෙන් පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක, සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා හා සන්නිවේදන අංශ ප්‍රධානී මංගල සමරවීරද නායකත්ව මණ්ඩලය පත් කරන ලද බව එජාපය නිවේදනය කරයි.

මෙතෙක් පක්ෂ නායකයා සතුව තිබුණු බලතල 19 ක් නායකත්ව මණ්ඩලයට පැවරීමටද තීරණය කෙරිණ.

එම තීරණයෙන් අනතුරුව මාධ්‍ය හමුවක් ඇමතූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එය හඳුන්වා දුන්නේ 'ඓතිහාසික තීරණයක්' ලෙසින්.

එහෙත් නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වන බව තලතා අතුකෝරල සහ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවෙන් අනතුරුව නිවේදනය කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර