ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාව 'දැඩි සේ ප්‍රශ්න කරමි'

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ‘දැඩි සේ ප්‍රශ්න කරන’ බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටී.

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පිටත්ව යාමට පෙර බීබීසී වාර්තාකරු නික් රොබින්සන් සමඟ ඉන්දියාවේදී සාකච්ඡාවකට සහභාගී වෙමින් අගමැති කැමරන්, ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ දී සාමාන්‍ය ජනතාව ඉලක්ක කළ බවට නැගෙන චෝදනා පිළිබඳ ව පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය බව අවධාරණය කළේය.

‘මම ජනාධිපති රාජපක්ෂට අතීතයේදීත් පැහැදිලි පණිවිඩයක් දීලා තියෙනවා ලන්ඩනයේ සිටින තානාපතිවරයාටත් මම අවංකවම කියලා තියෙනවා. ඒ පණිවිඩය තමයි . යුද්ධය හමාරයි. ඒක ශ්‍රී ලංකාවට හොඳයි. ඒත් දැනට සිදු වෙන සහ අතීතයේදී සිදුවූ මානව හිමිකම් කඩවීම් ගැන හොයන කල් සැබෑ සංහිදියාව ඇතිවෙන්නේ නැහැ කියන එක.’ අගමැති කැමරන් පැවසීය.