තෙන්දුල්කාර් පැසසීමට තාලිබාන් විරෝධය

sachin tendulkar
Image caption පකිස්තානු මාධ්‍ය පවසන්නේ ඔහුට සම කළ හැකි අයෙක් නැති බවයි

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වසර විසි හතරක අගනා සේවයකින් පසු විශ්‍රාම ගත් සුපිරි ක්‍රිකට් තරුවක් වූ සචින් තෙන්ඩුල්කාර් පැසසීම නවතා දමන ලෙස පකිස්ථානයේ තලිබාන් කැරලිකරුවන් එරට මාධ්‍ය වෙත අනතුරු ඇඟවීමක් කර ඇත.

සමස්ථ ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉහළම ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවෙක් වූ තෙන්ඩුල්කාර් මේ මස මුලදී විශ්‍රාම ගැනීමෙන් පසු පකිස්තානු මාධ්‍ය මගින් අතිශය වර්ණනාවට ලක්වී තිබුණි.

එක් පුවත්පතක් ඔහු ව හඳුන්වා තිබුණේ විශ්මය ජනක කුසලතාවක් ඇති ඔහුට සම කළ හැකි අයෙක් නැති ලෙසටයි.

වීඩියෝ පණිවුඩයක් නිකුත්කළ තලිබාන් ප්‍රකාශකයෙක් කියා තිබුණේ කෙතරම් දක්ෂයෙකු වුවත් පකිස්තානු මාධ්‍ය මගින් ඔහු වර්ණනා කිරීම නොකළ යුතු බවයි. ඒ වෙනුවට පහළ මට්ටමේ ක්‍රීඩකයෙක් වුවත් පකිස්තානු ක්‍රිකට් නායක මිස්බාර් අල් හක් ට සහය පළ කළයුතු බවයි.