දකුණු ඉන්දීය ධීවර හඬ දිල්ලි අගනුවරට

Image caption අත් අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයෝ

ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල සිරගත ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය රජයේ මැදිහත් වීම ඉල්ලා තමිල්නාඩුවේ සහ පුදුච්චේරියේ ධීවර නායකයෝ දිල්ලි අගනුවර උද්ඝෝෂණයක නිරත වුහ.

තමන් විඳින ගැහැට ඉන්දීය රජය විසින් නො තකා හිඳින බවට චෝදනා කළ ඔවුන් විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා කොළඹ යාම තමන්ගේ කලකිරීමට හේතු වූ බවයි සඳහන් කළේ.

ධීවර නායකයෙක් වන මන්ගයාර් සෙල්වන් බීබීසී තමිලෝසෙයි දෙමළ සේවයට කියා සිටියේ ඉන්දියාවේ අනික් පළාත් වල ධීවර ජනතාව ද තම ඉල්ලීම් වලට සහාය දක්වන බවයි.