යුද්ධයෙන් වසර හතරකට පසු ශ්‍රී ලංකාවේ අලුත් සමූහ මිනී වලක්

Image caption මේ වසර මුලදී මාතලේ දී සොයා ගත් සමූහ මිනී වල

ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වී වසර හතරකට පසු ප්‍රථම වරට යුද බිමෙන් සමූහ මිනී වලක් හමු වූ බව පොලිසිය පවසයි.

මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් කටයුත්තක නියැලෙමින් සිටි කම්කරුවන් පිරිසකට යටත් පිරිසෙයින් දස දෙනකුගේ වත් ඇටසැකිලි හමු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ.

කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෝ ඔවුන් මියගිය ආකාරය සහ කාලය පිළිබඳ ව තවමත් කිසිම හෝඩුවාවක් ලැබී නැත.

යුද්ධයේ දී සිවිල් වැසියන් ඝාතනය කල බවට ශ්‍රී ලංකා හමුදාවටත් එල්ටීටීඊ සංවිධානයටත් චෝදනා එල්ල වී තිබේ.

මේ වසර මුලදී මතලේදී ද මෙවන් සමූහ මිනී වලක් හමුවුණු අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වූයේ එය 1987-90 කාලයේ දී සිදු වූ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර