වැඩිම වද හිංසා චෝදනා පොලිසියට එරෙහිව

වද හිංසා කිරීම පිළිබඳ 550 කට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.

ඉන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ පොලිසියට එරෙහිව යි.

මේ හෙළිදරව්ව එක් කොමසාරිස් වරයකු වන ප්‍රතිභා මහනාමහේවා විසින් කැරුණේ බීබීසී ය සමග සාකච්ඡාවක දී.

නීතිය වෙනස් කොට මානව හිමිකම් උල්ලංඝන විභාග කිරීම සඳහා වැඩි බලතල ලබා දෙන ලෙස තමන් සහ තම වෘත්තීය සගයන් ආණ්ඩුවෙන් ඉල්ලා ඇතැයි ද ආචාර්ය මහනාමහේවා කියා සිටියේය.

‘ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභා පනත 1996 පටන් 2013 දක්වා ක්‍රියාත්මක වෙනවා. ලෝකයේ ගොඩක් ප්‍රවණතා ඇවිත් තිබෙනවා. ඒත් ලංකාවේ තවම එවැනි තත්වයක් නැහැ. ඒ නිසා අපි සිවිල් සංවිධාන සමඟ අවුරුද්දක් පමණ සාකච්ඡා කරලා තීරණයකට පැමිණියා මේ පනතට නව සංශෝධන ගෙන එන්නට’ ඔහු කියා සිටියේය.

දැනට පවතින නීතිය යටතේ මානව හිමිකම් කොමිසම ලබා දෙන නිර්දේශයක් ක්‍රියාත්මක නොවූ විට එය ක්‍රියාත්මක කරවා ගැනීමට ‘දීර්ඝ ගමනක්’ යා යුතුව පවතින හෙයින් එවැනි අවස්ථාවක එම නිර්දේශය අභියාචනාධිකරණයට හෝ පළාත් බද මහ අධිකරණයට සහතිකයක් වශයෙන් ලබා දී උසාවි නියෝගයක් ලෙස ලබා ගත හැකිවන පරිදි පනත සංශෝධනය විය යුතු බවයි ආචාර්ය මහානාමහේවා පවසන්නේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර