දිවි නැගුම ‘දේශපාලන බල අධිකාරියක්’

Image caption දිවි නැගුම 'බලය ඒකරාශී කිරීමක් පමණයි' එජාප

දිවි නැගුම දෙපාර්තමේන්තුව පිහිටුවීම මගින් ‘දේශපාලන ව්‍යාපාරයක බල අධිකාරියක් ගොඩනැගීම’ මිස මෙමගින් ජනතාවට කිසිදු සෙතක් නොසැලසෙන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

මෙම පනත ඉදිරිපත් කළ අවස්ථාවේ සිට රජයේ අවශ්‍යතාව වී තිබුනේ බලය ඒකරාශී කිරීම පමණක් බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක කියා සිටින්නේ.

දිවි නැගුම දෙපාර්තමේන්තුව පිහිටුවීම නිසා පලාත් සභා වලට අයිති විෂයන් ගණනාවක්ම ඒවාට අහිමි වී ඇති බවද තිස්ස අත්තනායක මන්ත්‍රී වරයා තවදුරටත් කියා සිටියේය.

ආන්දෝලනයකට තුඩු දුන් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව නීත්‍යනුකූල බවට පත් කෙරෙන ගැසට් නිවේදනයට අත්සන් තැබූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ, මෙමගින් පවුල් ලක්ෂ දහඅටකට අයත් ලක්ෂ පනහක් වූ ජනතාවකට සෙත සැලසෙන බවයි.

දිවි නැගුම පනත සම්මත කිරීම අරඹයා හට ගත් නීතිමය මතභේදය අවසන් වූයේ අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ආණ්ඩුව විසින් දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට ඇය පදවියෙන් පහ කරනු ලැබීමෙන්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර