එක්සත් ජනපද චෝදනා ‘පුදුම එලවන සුළුයි’

ශ්‍රී ලංකා යුද හමුදාව ෂෙල් ගසා පවුල් සිය ගණනින් ඝාතනය කළ බවට ඇමරිකා එක්සත් ජනපදය කරන ප්‍රකාශය පුදුම උපදවන සුළු බව ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා ප්‍රකාශ කරයි.

ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ එක්සත් ජනපද තානාපති කාර්යාලය බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයකින් පවසා තිබුනේ පුදුමාතලන් හිදී ශ්‍රී ලංකා යුද හමුදාව දෙදහස් නවයේ ජනවාරියේ දී දී ෂෙල් ගසා පවුල් සිය ගණනක් ඝාතනය කළ බවයි.

එම චෝදනාව සපුරා ප්‍රතික්ෂේප කරමින් යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ එක්සත් ජනපද ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නැති බවයි.

තානාපති කාර්යාල ප්‍රකාශය සමගින් නිකුත් කෙරුණු ඡායාරූපයේ දැක්වෙන ඉරනෙයිපලෙයි ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගනය කිසි විටෙකත් ශ්‍රී ලංකා රජයේ යුද හමුදාවේ හෝ ගුවන් හමුදාවේ ඉලක්ක බවට පත් වී නැති බව කී යුද හමුදා ප්‍රකාශකයා 2009 ජනවාරියේ ඒ ප්‍රදේශයේ ‘සාමාන්‍ය ජනතාව සාමාන්‍ය පරිදි’ සිටි බවයි.