ඉන්දීය ධීවරයින්ට ගල් ගැහුවේ නෑ - නාවික හමුදාව

indian fisherman Image copyright AFP
Image caption ඉන්දීය ධීවරයෙක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වූ ඉන්දීය ධීවරයින්ට ගල් වලින් දමා ගැසීමේ චෝදනා පදනම් විරහිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව පෙරේදා (බදාදා) ඉන්දීය ධීවරයින් 2,700 කට පමණ ගල් වලින් ගසා දමා ඔවුන් පලවා හැරිය බව ධීවරයින් කියා සිටින්නේ යැයි ඉන්දීය පීටීඅයි ජාතික පුවත් සේවාව වාර්තා කළේය.

මේ පිළිබඳව බීබීබීසි දෙමළ සේවය, තමිල් ඕසෙයි සමග කථා කළ තාමිල්නාඩුවේ තන්ගච්චි මඩම් හි වෙසෙන ස්විටර් අන්තෝනි ධීවරයා කියා සිටියේ කච්ච්තිව් දුපත අසල මාළු අල්ලමින් සිටියදී ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ ලොකු බෝට්ටුවක් තමන් සිටින ස්ථානයට පැමිණ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ඇතුලත සිටින හෙයින් පිට වෙන්නැයි කියා සිටි බවයි.

“යන්න හදන කොට නාවික හමුදාවේ තවත් බෝට්ටුවක් ආවා.බෝට්ටුවේ හිටපු අය අපට ගල් ගහන්න පටන් ගත්තා.බෝට්ටුවේ හිටපු හතර දෙනාගෙන් කාටවත් තුවාල සිදු වුනේ නැහැ ඒත් බෝට්ටුවට හානි සිදුවුනා. ක්‍රිකට් බෝලයක් විතර වෙන ගල් වලින් ගැහැව්වා.ගෝනි වල තිබ්බ මේ ගල් වලින් අපිට දිගටම ගැහැව්වා,” යැයි ස්විටර් අන්තෝනි ධීවරයා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවරයන් අත් අඩංගුවට ගන්නා නමුත්, ඔවුන්ට ගල් ගැසූ බවට එල්ල වන චෝදනාව සත්‍යයෙන් තොර බවයි, නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සංදේශයට කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර