ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'තුච්ඡ විදිහට හාමුදුරුවරුන්ට ගැහුව'

ගව ඝාතනයට එරෙහිව උද්ඝෝෂණයක යෙදී සිටි භික්ෂූන් වහන්සේලාට සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි පිරිසක් හා එක්ව පොලිසිය පහර දුන් බව සිහල රාවය සංවිධානය පවසයි.

පහර කෑ භික්ෂූන් වහන්සේ නමක් අත් අඩංගුවට ගෙන ඇතැයි ද ගව ඝාතනය වැළැක්වීමේ ප්‍රතිඥාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා වීදි වැඩ සිටි සිහල රාවය සංවිධානයේ වෑවල සීලරතන හිමියෝ බීබීසීයට පැවසූහ.

“තුච්ඡ විදිහට හාමුදුරුවරුන්ට ගැහුව පොලිසියෙන්. නුවර සිට අපි පා ගමනේ ආවා. කිසිම තැනක අපි ගැටුමක් ඇති කර ගත්තේ නැහැ. අනවශ්‍ය විදිහට පොලිසිය සහ තවත් සිවිල් පිරිසක් මැදිහත් වෙලා ගැටුමක් ඇති උනා, අපේ හාමුදුරුවෝ පහර කෑමට ලක් වුනා.” වෑවල සීලරතන හිමියෝ ප්‍රකාශ කළහ.

ගව ඝාතනය නතර කරන බවට සෑහීමකට පත් විය හැකි පිළිතුරක් ජනාධිපතිවරයාගෙන් නොලැබීම නිසා සිය විරෝධතාව මාරාන්තික උපවාසයක් දක්වා වර්ධනය කරන බව සිහල රාවය ප්‍රකාශ කළේය.