ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මුස්ලිම් සමගියට මුස්ලිම් කණ්ඩායමකින් 'හානි'

හලාවත, මාදම්පේ පැරණි නගරයේ මුස්ලිම් ආගමික සහ ජාතික සමගියට හානි කර ලෙසින් ක්‍රියා කරන බවට ගම්වාසී මුස්ලිම් කාන්තාවෝ මුස්ලිම් කණ්ඩායමකට චෝදනා කරති.

වසර සියයකට ආසන්න කාලයක් තමන් සිය ගමේ කිසිදු කරදරයකින් තොරව ජිවත් වුන බව පවසන එම කාන්තාවෝ දැනට සති කීපයක සිට එම තත්වය වෙනස්ව ගමේ ආරවුල් ඇති වී ඇති බවද පවසති.

ගමට එක් මුස්ලිම් දේවස්ථානයක් පමණක් ප්‍රමානවත් බව ගමේ සාමය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් මාදම්පේ මුස්ලිම් දේවස්ථානය අසල උද්ඝෝෂණයක නිරතව සිටි දහසකට ආසන්න කාන්තාවෝ ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න සමඟ කියා සිටියහ.

කෙසේ නමුත් කැමති ආගමක් ඇදහීමට තමන්ට අයිතියක් තිබෙන බවයි, ශ්‍රී ලංකා තවුෆික් ජමාඩ් සංවිධානයේ මාදම්පේ ශාඛාවේ සභාපති රමේෂ් මොහමඩ් සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.