යුද නිමාව ඇෆ්ගන් ජනපතිගේ පැසසුමට

Image copyright
Image caption 'මානව හිමිකමේ හොඳම ඇපකාරයා රටක සාමය'

ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා කිරීම ඇෆ්ගනිස්තානු ජනාධිපති හමීඩ් කර්සායි ගේ විශේෂ ඇගයීමකට ලක් විය.

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඇෆ්ගන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවක දී කියා සිටියේ මානව හිමිකම් පිලිබඳ හොඳම ඇප කරුවා රටක සාමය බවයි.

‘ලෝක ප්‍රජාව එය කෙසේ විග්‍රහ කළත් ප්‍රශ්නයක් නැහැ, මානව හිමිකමේ හොඳම ඇපකාරයා රටක සාමය. යුද්ධය තමයි මානව හිමිකම් හි දරුණුම සතුරා. මානව වර්ධනය සහ සෞභාග්‍යය කරා යන වාහනය සාමයයි. අපි එය ශ්‍රී ලංකාවේ දුටුවා.’

මෙම සාකච්ඡාවෙන් පසුව ද්විපාර්ශවික ගිවිසුම් 3 කට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඇෆ්ගනිස්ථානයේ රැකියා ලබාදීමත්, දෙරට අතර, අධ්‍යාපනය, ක‍්‍රීඩා සහ සෞඛ්‍ය කටයුතු පිලිබඳවත් ඇෆ්ගනිස්ථාන හෙදියන්ට ශ‍්‍රී ලංකාවේදී පුහුණුව ලබාදීම පිළිබඳවත් අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරෙන බවයි වාර්තා වී තිබුනේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර