රනිල් මැතිවරණ කොමසාරිස්වරයාට ලියයි

2014.03.19

මහින්ද දේශප‍්‍රිය මහතා මැතිවරණ කොමසාරිස් මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණ මහලේකම් කාර්යාලය සරණ මාවත රාජගිරිය.

මැතිවරණ කොමසාරිස්තුමනි,

හිරිකිතයකින් තොරව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම හෙවත් මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය ආවරණය

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් විසින් 2014.03.13 දාතම සහිතව ඔබ වෙත යොමු කරන ලද ලිපියට අමතරව ලියමි.

මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ පටන්ම රාජ්‍ය මාධ්‍ය හා ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන හිරිකිතයකින් තොරව සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට දැඩි විරෝධය දක්වමි. මැතිවරණ ව්‍යාපාර සම්බන්ධ නීතිය ඉතා පැහැදිළි වන අතර එකී මැතිවරණ ව්‍යාපාර හා මැතිවරණයට අදාල සියලූම කරුණු පාලනය කිරීම ඔබගේ රාජකාරිය බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

මාධ්‍ය වාර්තා (2014.03.18 දින ඬේලි මිරර් පුවත්පතේ මුල් පිටුව* අනුව මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් යන දෙදෙනා ජනාධිපතිවරයාට රාජ්‍ය නායකයා ලෙස රාජ්‍ය උත්සවවලට සහභාගිවීම සඳහා ඇති සම්පූර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටිති.

ජනාධිපතිවරයා වත්මන් පළාත් සභා මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂයක නායකයා බව සමහරවිට එම මහත්වරුන් නොදන්නවා විය හැක.

මැතිවරණ ව්‍යාපාරයේම කොටසක් වශයෙන් මෙකී කාලය තුල පැවැත්වෙන ඊනියා රාජ්‍ය උත්සවවලට සහභාගි වන ජනාධිපතිවරයා ජනතාව අමතන්නේ ජනාධිපති වශයෙන් නොව දේශපාලන පක්ෂයක නායකයා ලෙසය.

මෙම සන්දර්භය තුළ ඔබ විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ මාර්ගෝපදේශ උපුටා දැක්ම යෝග්‍ය යයි සිතමි.

,10ග ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා හෝ රජයේ අමාත්‍යවරු සම්බන්ධ වන දේශපාලන මත/අදහස් ප‍්‍රකාශ කිරීමේ රූපවාහිනී/ගුවන්විදුලි වැඩ සටහන්වල ඔහු/ඇය අයත් වන දේශපාලන පක්ෂයේ වැඩ සටහනක් ලෙස සැලකිය යුතු අතර, එම නිසා එයට විරුද්ධ අදහස් දරන දේශපාලන පක්ෂවල නායකයන්ට ද ඒ හා සමාන වැඩ සටහන් ලබා දිය යුතුය. මුද්‍රිත මාධ්‍ය ද ඒ අයුරින් දේශපාලන පක්ෂ/කණ්ඩායම්වලට විශේෂ සාකච්ඡුා ලබා දීමේ දී /ප‍්‍රචාරක පක්ෂ රැුස්වීම් වාර්තා පළ කිරීමේ දී සමාන ඉඩක් හා ප‍්‍රමුඛතාව ලබා දිය යුතුය. තරග කරනු ලබන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් ඇති බැවින් ඒ සියලූම පක්ෂ ස්වාධීන කණ්ඩායම් සඳහා එක හා සමාන ගුවන් කාලයක් හෝ ප‍්‍රවෘත්ති පත‍්‍රවල ඉඩ කඩ ලබා දීම කළ නොහැකි නමුත් යම් කිසි පක්ෂයකට කණ්ඩායමකට හෝ අපේකෂකයකුට විශේෂ සැලකිල්ලක් දක්වා ප‍්‍රවර්ධනය වන අයුරින් හෝ වෙනත් පක්ෂ/කණ්ඩායම්/අපේක්ෂකයන් හට අගතියක් වන අයුරින් හෝ ගුවන් කාලය නැතහොත් ප‍්‍රවෘත්ති පත‍්‍ර ඉඩකඩ වෙන් කිරීම නොකළ යුතුය,ග

:උපුටා ගැනීම: 2014 මාර්තු මස පැවැත්වීමට නියමිත බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡුන්ද විමසීම් පිළිබඳව විiුත් සහ මුද්‍රිත මාධ්‍ය විසින් පිළිපැදිය යුතු මාධ්‍ය උපමාන*

තවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට මාධ්‍ය ආවරණ ලබා ගැනීමේ හිමිකම එම ධුරයට අයත් අයිතිවාසිකමක් වශයෙන් කොතැනකවත් සඳහන් නොවන බවද මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.

ජනාධිපතිවරයා හා ඔහුගේ පක්ෂය හෙලිකොප්ටර් ඇතුලූ රාජ්‍ය දේපල පාවිච්චි කරන බව පෙනී යන අතර අපට ලැබී ඇති විශ්වාසදායක තොරතුරු අනුව ඒ වෙනුවෙන් මුදල් ගෙවීමක් ද සිදු කර නැත.

මේ තත්වය යටතේ අප පක්ෂයේ ස්ථාවරය වන්නේ මැතිවරණ කාල පරිච්ෙඡ්දය තුළදී ජනාධිපතිවරයාට මාධ්‍ය ආවරණය ලබා දෙන සෑම අවස්ථාවකදීම ඒ හා සමාන මාධ්‍ය ආවරණයක් විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් මා වෙත ද ලැබිය යුතු බවයි.

ඔබ මේ පිළිබඳව අවධානය යොමුකොට නිදහස් හා සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් තහවුරු කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි මම විශ්වාස කරමි.

රනිල් වික‍්‍රමසිංහ (පා.ම.* පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක.