ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජෝන් කොතලාවල විදුහල යළි නොසංසුන්

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීමෙන් අනතුරුව අද, බ්‍රහස්පතින්දා එම විදුහලේ සිසුන් සහ සිසුන්ගේ දෙමව්පියන් විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයකුයි එහි පැවතුණේ.

විදුහලේ විද්‍යා අංශයේ ගුරුවරයකු වන සාලිය විජේසිංහ බීබීසී සංදේශයට කියා සිටියේ තමා ඇතුළු ගුරුවරුන් පස් දෙනෙක් හිටපු විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සාක්ෂි දුන් හෙයින් තමන්ට තර්ජන එල්ල වී ඇති බවයි.

විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටි ශිෂ්‍ය කණ්ඩායම් ඔවුන්ගේ උදහසට ලක් ව සිටින ගුරුවරුන්ගේ රූ අනුව සැදූ පඹයන් පිළිස්සූ බව ප්‍රසාද් පුර්ණිමාල් ජයමාන්න වාර්තා කරයි.

එම තත්වය කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ප්‍රවාහන කටයුතු වලටද බාධාවක් විය.

එම සිදුවීම් සම්බන්ධයෙන් හිටපු විදුහල්පතිවරයාට රැකවරණ සලසන අධ්‍යාපන බලධාරීන් සහ සර් ජෝන් කොතලාවල විදුහලේ වත්මන් පරිපාලනය වගකිව යුතු බවයි, ලංකා ගුරු සංගමය පවසන්නේ.