ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලෝක ශූරයන්ට මඟ දෙපස හරසර

ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යලි දිවයිනට පැමිණි අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීහු ඔවුන් පිළි ගැනීමට මඟ දෙපස රැස් වී සිටියහ.

කටුනායක ගුවන් තොටුපොලේදී මාධ්‍යවේදීන් ඇමතීමෙන් අනතුරුව ඔවුන් විවෘත බස් රථයකින් කොළඹ බලා පැමිණෙන විට ක්‍රීඩා ලෝලීන් ශ්‍රී ලංකා ධජ වනමින් ප්‍රීතිඝෝෂා නගමින් සිටියහ.

කොළඹදී ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි වර්ෂාව මධ්‍යයේ රැඳී සිටි ක්‍රීඩා ලෝලීන් හමුවීම පිණිස ගාලුමුවදොර පිටියට පැමිණි බව බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් පවසයි.

විශේෂයෙන්ම ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් ක්‍රීඩකයන් වෙතට ලඟාවීමට උත්සාහ කිරීම හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය පළ වී තිබුණු බවත් ඔහු වාර්තා කරයි.