ජනපතිගේ මැකෝ ගිරව් සොයන්න ජනතා සහාය පතයි

Image copyright president.gov.lk

කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ දැඩි ආරක්ෂාව යටතේ ඇති කළ මැකෝ ගිරවුන් හතර දෙනකු ඊයේ අඟහැරුවාදා එම කුඩුවලින් පියඹා ගොස් අතුරුදහන්වී ගොසින්.

ජනාතිපති කාර්යාලය ප්‍රකාශකයකු ප්‍රංශ පුවත් සේවයට පවසා තිබුනේ ජනතිපතිවරයා මෙම කුරුල්ලන්ට ඉතා ඇලුම් කල බවත් එම කුරුල්ලන් සොයා ගැනීමට ජනතා සහය පතන බවත්.

මෙම ගිරවුන් හතර දෙනාගෙන් තුන් දෙනකු රතු සහ කහ මිශ්‍ර වර්ණ වලින් යුත් අතර අනෙක් ගිරවා නිල් සහ කහ පැහැයෙන් මිශ්‍ර බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ.

මෙලෙස අතුරුදහන්වූ මැකෝ ගිරවුන් තුන් දෙනෙකුගේ ජයාරූප ජනාධිපති කාර්යාලය අද ප්‍රසිද්ධ කල අතර ඔවුන් පිළිබඳව හෝඩුවාවක් ඇති නම් ලබා දෙන ලෙස දුරකථන අංකයක්ද ලබාදී තිබිණ.

මැකෝ ගිරවුන් ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු ජාතියක් නොවන අතර ඔවුන් බොහෝදුරට දකුණු ඇමෙරිකානු රටවලින් ආනයනය කරනු ලැබේ.