තායිලන්ත හිටපු අගමැතිනිට එරෙහිව නඩු

පදවියෙන් ඉවත් කළ තායිලන්ත අගමැතිනි යින්ලුක් සිනවත් ට එරෙහිව රාජකාරිය පැහැර හැරීමේ චෝදනා යටතේ නඩු පවරා තිබේ.

නඩු පැවරීම සිදුවන්නේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ඇය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට දිනකට පසුවයි.

ජාතික දූෂණ මර්දන කොමිසම ගෙන ආ එම චෝදනා වලට වරදකාරිය වුවහොත් ඇයට වසර පහක් යන තුරු දේශපාලන කටයුතු වලට සහභාගීවීම තහනම් කළ හැක.

බලය අයුතු ලෙස පාවිච්චිකිරීමේ වරදට අගමැතිනි යින්ලුක් සිනවත් සහ අමාත්‍ය මණ්ඩලයේ නවදෙනකු බදාදා ඔවුන්ගේ පදවිවලින් ඉවත් කරන ලදී.

උද්ඝෝෂණ

ඔවුන් පදවිවලින් ඉවත් කරන ලද්දේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ වැදගත් අංශවල සහය ඇතිව මාස ගණනක් තුළ පැවති උද්ඝෝෂණවලින් පසුවයි.

මේ අතර රටේ උතුරේ පිහිටි ග්‍රාමීය පළාත්වල රජයේ අධාරකරුවන් සහ බැංකොක් සහ දකුණේ ප්‍රතිවාදී කණ්ඩායම් අතර උණුසුම්කාරී තත්වයක් වර්ධනය වෙමින් තිබියදී දෙපාර්ශවයම මහා විරෝධතා රැළි සංවිධාන කරමින් සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර