ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නවගත්තේගම ප්‍රාදේශීය සභා සභාපතිට චෝදනා

නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ සඳුදා පැවැත්වුන විශේෂ මහා සභා රැස්වීමේදී එහි සභාපතිවරයාට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වුණි.

පසුගිය දහතුන් වන දින රාත්‍රියේ සභාපතිවරයා හිටපු සභාපතිවරයෙකු සමග පැමිණ සභාවට අයත් යකඩ සොරකම් කිරීමට උත්සහ කිරීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරු චෝදනා කළහ.

ප්‍රාදේශීය සභාව අමතමින් අදහස් දැක්වූ උප සභාපති ආර්.පි .ඩි.රාජරත්න කියා සිටියේ, සභාපතිවරයා දිගින් දිගටම සභාව අපකීර්තියට පත් කරන බැවින් ඔහු ඉල්ලා අස් විය යුතු බවයි .

අවිවාහක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට අද විවාහ වීමට බැරි තත්වයක් උදාවී ඇති බව පැවසූ ඉන්දික සංජීව මන්ත්‍රීවරයා, සමාජය තුළ ප්‍රාදේශීය සභා දේශපාලකයින් ගණන් නො ගන්නා තත්වයක් ඇති වී තිබෙන බව කියා සිටියේය.

ප්‍රාදේශීය සභා සභාපතිවරයා විශ්වාසය කඩ කර ඇති බැවින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු බවයි මන්ත්‍රී සි.පි.සුරසේන කියා සිටියේ.

නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ සභාපති සිසිර ධර්මප්‍රිය ඉහත කී මන්ත්‍රීවරුන් විසින් එල්ල කරන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ අට්‍ර්හර සභාව අතරමග කල් තබන බවට ප්‍රකාශයක් කරමින් ඔහු සභාවෙන් නික්ම ගියේය.