ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පාසලේ හිංසාවට ගොදුරුවන්නන්ට “අහිංසා’’ පිහිට

“අහිංසා’’ නමින් අරමුදලක් පිහිටවනු ලැබුවේ පාසල් අධ්‍යාපනයේදී හිංසනයට පත්වන්නන්ට පිහිටවීම වෙනුවෙනි.

පාසල් භුමියේ සුසිලා හේරත් ගුරුවරිය දන ගැස්වීමේ චෝදනාවට වරදකරු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් ලබා දුන් වන්දි මුදල මූලික මුදල වුනේ.

අරමුදල පිහිටුවමින් අද කොලඹ පැවති මාධ්‍ය හමුවේදී සුසිලා හේරත් ගුරුවරිය කියා සිටියේ තමන් සාධාරණය අපේක්ෂා කල නමුත් වන්දියක් බලාපොරොත්තු නොවූ බවයි.

අධිකරණ නියෝගයට ගරු කරමින් ලද රුපියල් ලක්ෂ තුනක මුදල මූලික කර ගනිමින් අරමුදල ආරම්භ කෙරුණ අතර එමගින් අධ්‍යාපනයේ දී හිංසනයට පත් වෙන්නන් වෙනුවෙන් කටයුතු කිරීමට තීරණය කල බවයි ඇය පැවසන්නේ.

දේශපාලකයන් පාසල් පාලනය කිරීමට යාම නිසා ගැටළු රැසක් නිර්මාණය වී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් එම අවස්ථාවේදී පැවසීය.

ජෝසප් ස්ටාලින් වැඩි දුරටත් කියා සිටියේ “අහිංසා”අරමුදලින් අධාපනයේදී අසාධාරණයට පත් වන සියලු අංශ සඳහා සාධාරණයක් කිරීමට බලාපොරොත්තු වන බවයි .