බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි ගුණ සැමරේ

Image caption බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ පිළිරුවක් විවෘත කෙරුණේ උන් වහන්සේගේ මෑණියන් අතිනි

මීට වසරකට පෙරදී මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටදී බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ගිනි තබාගෙන ජිවිත දානය දුන්නේ ගව ඝාතනය නවත්වා ගැනීමට පමණක් නොව සදාචාරය සහ යහ පාලනය රට තුළ ස්ථාපිත කර ගැනීමේ අරමුණ ඇතිව බව ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ කියති.

වියට්නාමයේදී ඇමරිකානුවන්ගේ පීඩන ලොවට හෙළිවුණේ බෞද්ධ භික්ෂුවකගේ ජිවිත පරිත්‍යාගය නිසා බව කී සෝභිත හිමියෝ, ඉන්ද්‍රරතන හිමියන්ගේ ජිවිත පුජාවේ වටිනාකම දැනෙන්නේ අනාගතයට බවද පැවසුහ.

‘උන්වහන්සේගේ ජීවිත පරිත්‍යාගය රටේ සාමය, සදාචාරය ඇති කිරීම සහ විදේශීය ග්‍රහණයන්ගෙන් මේ රටේ ආර්ථිකය බේරා ගැනීමේ අරමුණින් කරන ලද පරිත්‍යාගයක්. උන්වහන්සේගේ ජිවිත පරිත්‍යාගයත් එක්ක මෙරටේ සදාචාරයත් එක්ක ජනතාවගේ ඇස අරුනා. උන්වහන්සේ දුන් පණිවිඩය සජිවියි. ගවයාට නිදහසත්, අන්‍යාගමිකකරණ වැළැක්වීමත්, යහ පාලනය ඇති කරවා ගැනීමත් ඒ පණිවිඩයයි’ සෝභිත හිමියෝ කීහ.

පසුගිය 24 දිනට බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් අපවත් වී වසරක් එළැඹීම නිමිත්තෙන් උන් වහන්සේගේ පිළිරුවක් ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ එදින විවෘත කෙරුණේ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ මෑණියන් අතිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර