ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන 'සැකයක්'

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නකු වන සචිත්‍ර සේනානායක ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව සැකයක් මතු වී ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.

Image copyright AFP
Image caption සචිත්‍ර සේනානායක

පසුගිය සෙනසුරාදා එංගලන්තය සමඟ පැවති එක් දින තරඟය විනිශ්චය කළ විනිසුරුවන් දෙදෙනා සහ තරඟ තීරක සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි තත්වයක් යටතේ ඉදිරි තරඟ වලට සචිත්‍ර කැඳවීමේ හැකියාව පිළිබඳ ව බීබීසීය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඩේලි මිරර් පුවත් පතේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා පවසා සිටියේ මීළඟට පැවැත්වීමට නියමිත අවසාන එක් දින තරඟයට සහ පළමු ටෙස්ට් තරඟයට සහභාගී වීමට සචිත්‍රට බාධාවක් නොමැති බව තමන් විශ්වාස කරන බවයි.

දින 21ක්

Image copyright facebook
Image caption ඩේලි මිරර් පුවත් පතේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා

තරගාවලිය වාර්තා කිරීමට එංගලන්තයට පැමිණ සිටින චන්නක ද සිල්වා තවදුරටත් පවසා සිටියේ සාමාන්‍යයෙන් මෙවැනි චෝදනාවක් එල්ල වූ පසු ක්‍රීඩකයෙකු අදාළ පරීක්ෂණ වලට යොමු කිරීමට දින 21ක කාලයක් ගත වන බවයි.

ඔස්ට්‍රේලියාවට ගොස් අදාළ පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව නැවත එංගලන්තයට පැමිණීමට ගතවන කාලය සළකා බැලීමේදී, ලීඩ්ස් හිදී පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟයට සච්ත්‍ර ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි ඔහු පවසන්නේ.

මෙම තරගාවලිය පුරා ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් මතු නො වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය සචිත්‍ර සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය දැනුම් දී ඇති චෝදනා සම්බන්ධයෙන් විස්මය පළ කර සිටී.