ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘රටට පොදු විපක්‍ෂයක් අවශ්‍යයි’

පොදු විපක්‍ෂයක අවශ්‍යතාව රටේ මතු වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසයි.

විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීමේ ප්‍රධාන තේමාව යටතේ සියළු විපක්‍ෂ ඒකරාශී වුවහොත් ඉදිරි මැතිවරණ සියල්ල ජය ගත හැකි බවයි එජාපයේ ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

ලන්ඩන් නුවර සංචාරයක නිරත වන අතරතුර ඔහු මේ බව කියා සිටියේ බීබීසී මැදිරියේදී තිසර රතුවිතාන සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී.

ඉදිරියේ පැවැත්වීමට නියමිත ඌව පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති පදවිය වෙනුවෙන් තම මන්ත්‍රීකම අත හැරීමට තමා සුදානම් බවද හරින් ප්‍රනාන්දු මෙහිදී හෙළිදරව් කළේය.