මංගලගේ චෝදනා රජය ප්‍රතික්‍ෂේප කරයි

Image copyright AFP

බොදු බල සේනා සංවිධානයට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් මුදල් ලැබෙන බවට එක්සත් ජාතික පක්‍ෂය චෝදනා එල්ල කරයි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී මංගල සමරවීර ප්‍රවෘති සාකච්ජාවකදී පැවසුවේ බොදු බල සේනා සංවිධානයට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ඇති රහස් ගිණුමකින් මුදල් ලැබෙන බවයි.

රට තුළ ඇතිවී තිබෙන සාමය නැති කරන්නට, ජාත්‍යන්තර සබඳතා විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව එක්සත් ජාතික පක්‍ෂයද පිළිගන්නා බව ඔහු කියා සිටියේය.

කුමන්ත්‍රණයක්

නමුත් මේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කුමන බලවේගයක්ද යන්න සොයා බැලිය යුතු බවයි ඔහු පවසන්නේ.

ආරක්‍ෂක අමාත්‍යංශයේ රහස් ගිණුමකින් බොදු බල සේනා සංවිධානයට මුදල් ලැබෙන බවට තමන් මීට කලින්ද චෝදනා එල්ල කළ බව පැවසූ ඔහු මේ බව පාර්ලිමේන්තුවේදී පවා ප්‍රකාශ කළ බව සඳහන් කළේය.

Image copyright AP
Image caption ඇමති කෙහෙළිය රඹුක්වැල්ල

තමන්ට එසේ ලැබෙන ශක්තිය නිසා බොදු බල සේනා සංවිධානය , සිහල රාවය වැනි කණ්ඩායම් පොලිස් සහ යුද හමුදා ආරක්‍ෂාව ඇතිව මුස්ලිම් පල්ලිවලට, මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට මෙන්ම මුස්ලිම් ජනතාවට පසුගිය වසර දෙක පුරා වරින් වර පහර දෙමින් නීතියේ රැහැනට හසු නොවී සිටින බවයි මංගල සමරවීර මන්ත්‍රීවරයා පැවසුවේ.

ඉහත කී චෝදනාවන්ට පිළිතුරු සපයමින් කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කියා සිටියේ, මංගල සමරවීර මන්ත්‍රීවරයා ඉදිරි මැතිවරනවලදී මුස්ලිම් ඡන්ද අපේක්ෂාවෙන් යම් යම් ගණන් හැදීම් කරන බවයි.

ජාතීන් විරසක කිරීමක්

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන ප්‍රකාශන පදනම් විරහිත බවයි ඇමතිවරයා සංදේශයට අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ. එවැනි ප්‍රකාශන මගින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා ජාතීන් විරසක කරන බවත් ඔහු පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශය බොදු බල සේනා ඇතුළු සංවිධානවලට ආධාර කරන බවට මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන ප්‍රකාශන සම්බන්ධයෙන් සංදේශය විමසීමක් කළ අවස්ථාවේ යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියේත් එවැනි චෝදනා වලට පදනමක් නොමැති බවයි.

තවදුරටත් අදහස් දක්වන බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගේ පෞද්ගලික තොරතුරු හෙළිදරව් කිරීමේ වැඩ පිළිවෙලක් පවතින බවට තමාට තොරතුරු ලැබී ඇති බවත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර