ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දිවුලපිටිය ජනතාව පොලිස් වෙඩි තැබීමට එරෙහිව

පොලිස් වෙඩි පහරින් මරා දැමුණ දිවුලපිටිය බරවවිල කැලුම් සුබසිංහ තරුණයාගේ දේහය රැගත් ගම් වැසියන් අද බ්‍රහස්පතින්දා පස්වරුවේ විරෝධතා පෙළපාලියක නිරත වූහ.

එම විරෝධතා පෙළපාලිය හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු අඩාල විය.

ගමනා ගමන කටයුතු වලට එවැනි බාධා එල්ල වී තිබුනත් කිසිදු පොලිස් නිලධාරියෙකු දක්නට නොලැබුණි.

දිවුලපිටිය නගර මධ්‍යයේ මෙන්ම පොලිස් නිලධාරීන් විසින් කැලුම් සුබසිංහ තරුණයාට වෙඩි තබන ලද ස්ථානයේ සුළු වෙලාවක් සුළු වේලාවක් තබා සිටි විරෝධතාවාදීහු පසුව දේහය සුසාන භුමියකරා ගෙන ගියහ.

රටේ නීතියක් මේ වන විට රට තුළ නීතියක් ක්‍රියාත්මක නොවන බව කියමිනුයි විරෝධතා කරුවන් අඋද්ඝෝෂණයකළේ.