දුම්රියක් බම්බලපිටියේ පීලිපනියි

මාතර සිට කොලඹ බලා ධාවනය වෙමින් තිබූ සීග්‍රගාමී දුම්රියක් බම්බලපිටිය දුම්රිය ස්ථානය අසලදී පීලිපැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට, දුම්රිය මැදිරි කිහිපයකට සහ දුම්රිය ස්ථානයට හානි සිදුවී තිබේ.

දුම්රිය මාර්ගය අසල නිවසක සිටි අය ඇතුළු තුවාල ලැබූ අටදෙනකු රෝහල් ගත කොට ඇති අතර මගීන් කිහිප දෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති බවයි මාධ්‍යවේදී රත්නසිරි නල්ලපෙරුම පැවසුවේ.

දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී ගොස් ඇති අතර මැදිරි තුනක් සම්පූර්ණයෙන්ම දුම්රියෙන් වෙන්වී ගොස් ඇත.

මැදිරි දෙකක චැසි ගැලවී ගොස් ඉන් එකක රෝදයක් ගැලවී මුහුදට විසිවී ගොස් ඇති බව ඔහු පැවසුවේය.

අද සෙනසුරාදා නිවාඩු දිනයක් වීමත්, මගීන් සුළු පිරිසක් ගමන් කරමින් සිටීමත්, දුම්රිය ඇලවී ඇත්තේ වේදිකාව දෙසටවීම නිසාත් සිදුවීමට ඉඩ තිබූ අනතුරේ හානිය අඩුවී ඇති බවයි ඔහු කියා සිටින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර