මඩකලපුවේ සමූහ මිනී වළ ගැන පරීක්‍ෂණ අරඹයි

Image caption අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා පොලිසිය

මඩකලපුවේ කුරුක්කල්මඩම් ප්‍රදේශයේ තිබෙන බව පැවසෙන සමූහ මිනී වළ සම්බන්ධයෙන් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම පොලිසිය ආරම්භ කර තිබේ.

එම ප්‍රකාශ සටහන් කර ගැනීම ඉරිදා සිට දින තුනක් කාත්තන්කුඩි පොලිසියේ දී සිදු කෙරෙයි.

Image caption බොහොමයක් පැමිණිලි කාන්තාවන් විසින් සිදු කළ ඒවා බවයි පැවසෙන්නේ

අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ලැබුණු බොහොමයක් පැමිණිලි කාන්තාවන් විසින් සිදු කරන ලද ඒවා වන අතර ලැබුණු පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් පවතින්නේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිවයි.

ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණ නියෝගයට අනුව සමූහ මිනී වලක් ඇති බවට විශ්වාස කෙරෙන ස්ථානයේ කැණීම් කටයුතු අගෝස්තු දහඅට වන දිනට යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේය.

පවුල් හැට එකකට අයත් පුද්ගලයන් හැට අට දෙනෙකු අතුරුදහන් වීම පිළිබඳ තොරතුරු තමා සතුව තිබෙන බව නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ෆාරුක් මොහොමඩ් ශිෆ්ලි සංදේශයට කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර