අලුත්ගම ගැටුම: මාධ්‍යවේදියා රහස් පොලිසියට

අලුත්ගම සහ බේරුවල හටගත් කෝලාහල වාර්තා කළ ආකාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය අල් ජසීරා ජාලයේ මාධ්‍යවේදී දිනුක් කොළඹගේ ගෙන් ප්‍රශ්න කරන ලද බව ඔහුගේ නීතිවේදීහු පවසති.

ගැටුම්වලදී මියගිය සංඛ්‍යාව පිළිබඳව අල් ජසීරා ජාලයට ඔහු විසින් සපයන ලද වාර්තාවක සහ ට්විටර් පණිවුඩයක සඳහන් කරන ලද කරුණු පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කෙරුණු බවයි, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ ගැටුම්වල දී මියගිය සංඛ්‍යාව, ගැටුම් අතරවාරයේ ඔහුගේ වාර්තාවේ සඳහන් වූ සංඛ්‍යාවට වඩා අඩු බව පසුව දැන ගන්නට ලැබිණ බවයි.

අල් ජසීරා මාධ්‍ය ජාලය සමඟ පවතින්නේ කවර සම්බන්ධතාවයක්ද යන්න පිලිබඳවත් පොලිසිය පැය හතරක් මුළුල්ලේ දිනුක් කොළඹගේ ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ බවද ඔහුගේ නීතිවේදීහු පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර