ඕස්ට්‍රේලියානු ඇමති උතුරේ දෙමළ ජනතාව මුණ නොගැසීම අප්‍රසාදයට

Image copyright AFP
Image caption ඕස්ට්‍රේලියානු සංක්‍රමණ සහ දේශ සීමා ආරක්ෂාව භාර ඇමති ස්කොට් මොරිසන්

ඕස්ට්‍රේලියානු සංක්‍රමණ සහ දේශ සීමා ආරක්ෂාව භාර ඇමති ස්කොට් මොරිසන් උතුරට පැමිණ දෙමළ නායකයන් මුණ නොගැසීම දෙමළ වැසියන්ගේ අප්‍රසාදයට ලක් වෙයි.

යාපනයට ගිය ඔහු උතරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ.චන්ද්‍රසිරි හමුවී සාකච්ජා කළද, පළාත් මහා ඇමති සී.වී.විග්නේස්වරන් මුණ නොගැසීම ගැන දෙමළ දේශපාලනඥයෝ සිය අසතුට පල කර සිටිති.

“ඔහු කිසිදු දෙමළ ජනතා නියෝජිතයකු හෝ සිවිල් සංවිධාන නායකයන් හෝ හමු වුනේ නැහැ.” දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් රොයිටර් පුවත් සේවයට පැවසුවේය.

“මම තවමත් දන්නේ නැහැ ඔහුගේ කෙටි සංචාරයේ අරමුණ මොකක්ද කියල? ඔහුට කියන්න ඕනෑ වෙලා තියෙන්න ඇති යාපනයට ගියා කියන්න. නමුත් ඔහු කිසිම දෙමළ වැසියෙක් එක්ක කථා කළේ නැහැ.” සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

බීබීසියට මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔස්ට්‍රලියානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඕස්ට්‍රේලියානු සංක්‍රමණ සහ දේශ සීමා ආරක්ෂාව භාර ඇමති ස්කොට් මොරිසන් ගේ සංචාරය සංවිධාන කරන ලද්දේ ශ්‍රී ලංකා රජය විසින් බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර