ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බාලදක්ෂ ව්‍යාපාරය ශ්‍රී ලකාවේ සංහිඳියාවට

ශ්‍රී ලංකාවේ පාසල් දරු දැරියන් න්‍යායික දැනුමට පමණක් හුරු වීමෙන් ඔවුන් වෙතින් ගිලිහී ගිය සමානාත්මතාව, සාමුහිකව ජීවත්වීම, ජීවන කුසලතා වැඩිදියුණු කිරීම, සමාජ සංහිඳියාව වැනි ගුණාංග යලි ඇති කිරීමට ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය මුල පුරයි.

පාසල් වයසේ පසුවන ගැහැණු ළමයින් වෙනුවෙන් ක්‍රියාත්මක බාලිකා බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රථම නේවාසික දිස්ත්‍රික් කඳවුර කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේදී පසුගිය හයවෙනි දින අවසන් වූ බව අජිත්ලාල් ශාන්ත උදය වාර්තා කරයි.

එම වැඩ පිළිවෙලට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ද පුර්ණ අනුමැතිය ලැබී තිබුණ බවයි,අජිත්ලාල් ශාන්ත උදය පවසන්නේ.

"ලෝකය පුරා පැතිරී යන ගැටුම් අවම කරගන්න නම් අනාගත පරපුරට සමානාත්මතාව සහ සංහිඳියාව ගැන මන අවබෝධයක් ලබා දීය යුතුයි. බාලදක්ෂ ව්‍යාපාරය ඊට හොඳම සංවිධානයයි. මෙවැනි නේවාසික කඳවුරු තුලින් පාසල් වියේ පසුවන තරුණ ගැහැණු ළමයි සමාජය ගැන හොඳ අවබෝධයක් ලබාවි" සබරගමු අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සහ බාලදක්ෂ ව්‍යාපාරයේ රත්නපුර දිසා සභාපති පි.තේනබදුපවසයි.

ගැහැණු දරුවාට සමාජ අවබෝධය

"අද පවතින අධ්‍යාපන රටාව නිසා ගැහැණු ළමයෙකුට කුස්සියේ කෙරෙන වැඩ ගැන අවබෝධය අඩුයි. මෙවැනි කඳවුරකදී දරුවන්ට ඒ ගැනත් හොඳ අවබෝධයක් ලැබෙනවා. ගෙවල්වල මහත් පීඩනයකින් හිටපු ළමයි ජිවිතයෙන් වින්දනයක් ලබනවා. දරුවන්ට ළමාකම හඳුනා ගන්න මෙවැනි බාලිකා බාලදක්ෂ කඳවුරු මහත් පිටිවහලක්’’ රත්නපුර දිසා බාලදක්ෂ කොමසාරිස් එම් .කේ. සිරිවර්ධනපෙන්වා දෙයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් දහයක බාලදක්ෂිකාවෝ සියයකට වැඩි පිරිසකට කුරුවිට කඳවුරට ආරාධනා කර තිබුණි.

රාත්‍රී ගිනිමැල සංදර්ශනය මෙම කඳවුරේ සිත්ගත් අංගය විය. විනෝදාස්වාදය සඳහා මෙන්ම අභියෝග ජය ගැනීමට ඉන් ලැබෙන පාඩම ඉතා වැදගත් බවයි රත්නපුර දිසා සහකාර බාලදක්ෂ කොමසාරිස් දිනේෂ් වික්‍රමාරච්චිපවසන්නේ.