කුඩු කන්ටේනර්වලට මොකද වුනේ? - හෙළ උරුමය

Image copyright omalpe sobhitha

මත් කුඩු ගෙන එන දේශපාලකයන් නිසා ජනතාව භීතියෙන් හා කනගාටුවෙන් පසුවන බවට ජාතික හෙළ උරුමය චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ දේශපාලකයන් සම්බන්ධ මහා පරිමාණ අපරාධ දෙස අද ලෝකය බල සිටින බවයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වූ ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ.

මේනිසා අද ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට බෝම්බ හෙලන වැඩපිලවෙකට කවුරුත් ක්‍රම ක්‍රමයෙන් පාර කපන බවට උන්වහන්සේ අනතුරු ඇඟවීමක් ද කළහ.

ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ ශ්‍රී ලංකාව අද ලෝකයේ කුඩු මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවයි.

දේශපාලකයන්

මේ කුඩු ගෙන එන්නේ දේශපාලකයන් බවට දේශපාලකයන් විසින්ම චෝදනා එල්ල කරන බව පැවසූ ඕමල්පේ සෝභිත හිමියන් තෝරු මෝරු නිදැල්ලේ පසුවෙද්දී හාල්මැස්සන් කොටු කරගන්නා බවද පැවසූහ.

‘’පොලිසිය ‘කුඩු’ අල්ලන එක සතුටක් වුවත් අල්ලපු කුඩු පාන්පිටි බවට පත්වුනා ද, අළු බවට පත් වූනාද, කන්ටේනර ගණන් අහුවුණ ‘කුඩු’ වලට මොකද වුනේ, ඒවාට සමබන්ධ දේශපාලකයන්ට මොකද වුනේ, ඒගොල්ලන්ගේ නිලධාරිට දුන්න දඬුවම් මොනවද ?’’ යනුවෙන් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියයෝ රටේ වගකිවයුතු නායකයන්ගෙන් ප්‍රශ්න කර සිටියහ.

අවදානමක්

දේශපාලන සහ සදාචාරමය වශයෙන් ලෝකය විසින් අපව කොටුකරණ අවදානමක පසුවන මේ මොහොතේ දුරාචාර මධ්‍යස්ථානය හැටියට ලෝකය ඉදිරියේ අපව කොටුවන බවද ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

රට මේ තත්ත්වයෙන් මුදා ගත හැක්කේ මාධ්‍යයට පමණකැයි ද සෝභිත හිමියෝ අවධාරණය කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර