ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කළු ජුලිය සිතුවමින් 'ඒකාකාරය'

ශ්‍රී ලංකාවේ 1983 ජුලි 23 දින ඇති වූ කළු ජූලිය සැමැරීමට මෙවර 'ඒකාකාරය' නමින් ප්‍රදර්ශනයක් සංවිධානය කොට තිබිණ.

ශ්‍රී ලංකාවේ කළු ජුලිය නමින් හැඳින්වෙන එම වර්ගවාදි ගැටුම්වලින් දෙමළ වැසියන් දහස් ගණනක් ඝාතනය කෙරුණු අතර ගෙවල් දහස් ගණනක් ගිනිබත් කෙරුණ බව පැවසෙයි.

එල්ටීටී සංවිධානය විසින් ශ්‍රී ලංකා හමුදාවේ සෙබළු දහ තුන් දෙනෙකු ඝාතනය කිරීම මේ ගැටුම්වලට පාදක විය.

මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වැළක්වීමට පියවර ගත යුතු බවට ජනතාව තුළ අවබෝධයක් ඇති කිරීම පිණිස ශ්‍රී ලංකාවේ වර්ෂයක් පාසා ජුලි 23 වන දින විවිධ සමරු උත්සව සංවිධාන කෙරෙයි.

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේනලයේ ලේකම් වන ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර නොකඩවා කළු ජුලිය සමරන්නෙකි.

මෙවර කළු ජුලිය නිමිති කොටගෙන 'ඒකාකාරය' තේමාව යටතේ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ඔහු විසින් ප්‍රදර්ශනයක් පවත්වනු ලැබීය.

ඔහුගේ අදහස දීර්ඝ කාලීනව පැවතී යුද බිය ජනතාව නිහඬ කර ඇති බවයි.