ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාවට ක්‍රීඩා ජයග්‍රහණයක්

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟයේ දෙවෙනි දිනය අද සිකුරාදායි.

දැනට පැවැත්වුන තරඟ වලින් වැඩිම පදක්කම් ප්‍රමාණයක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටින්නේ එංගලන්තයයි.

ශ්‍රී ලංකාව බලාපොරොත්තු තැබූ තරඟ ඉසව්වක් වන බැඩ්මින්ටන් පූර්ව තරඟයේ දී 'බාබේඩොස්' පරදවා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනු ලැබීය.

ඉන් අනතුරුව බීබීසියේ ජයප්‍රකාශ් නල්ලුසාමි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමේ නායක නිලූක කරුණාරත්නගෙන් විමසීමක් සිදු කරනු ලැබීය.

හෙට දිනයේ පැවැත්වෙන දෙවන වටයේදී ඉතා ප්‍රබල කණ්ඩායමක් වන මැලේසියානු කණ්ඩායම සමග තරඟ වැදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්වය විමසු විට නිලුක කරුණාරත්න කියා සිටියේ මැලේසියානු කණ්ඩායම හැම ඉරියව්වකින් ම ඉතා දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුවත් තම කණ්ඩායම ඔවුන්ට ප්‍රබල අභියෝගයක් ලබා දීමට සුදානම් බවයි.