ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘විදේශ සේවාව ශ්‍රී.ල.නි.ප ශාඛාවක්’- අනුර කුමාර

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවේ විදේශ සේවාව නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා රටත් ජනතාවත් බලවත් ජාත්‍යන්තර අනතුරකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පෙන්වා දෙයි.

නෑදෑයන්,පාක්ෂිකයන් සහ හිතවතුන් පත් කෙරුණ විදේශ සේවාව ඇතැම් බලවතුන්ගේ පැරණි පෙම්වතියන් ද පත් කිරීමට යොදා ගනු ලබන පක්ෂ ශාඛාවක තත්වයට පත්ව ඇති බවයි මන්ත්‍රීවරයා උදාහරණ සහිතව පෙන්වා දෙන්නේ.

එම ප්‍රකාශයට පිළිතුරු දුන් විදේශ නියෝජ්‍ය ඇමති නියෝමාල් පෙරේරා කියා සිටියේ කලින් ආණ්ඩු ද එවැනි පත් කිරීම් සිදු කර ඇති බවයි