ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ඉබෝලා වෛරසය ලෝක මට්ටමේ අනතුරක්"

බටහිර අප්‍රිකාවේ පැතිර යන 'ඉබෝලා' වෛරසය ලෝක මට්ටමේ අනතුරක් හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍ර‍කාශයට පත් කොට තිබේ.

ඒ අතරම ,ආසාදිතයන් සමඟ ගැවසුන සහ දැනටමත් ආසාදිත තත්වයේ පසුවෙන පුද්ගලයන්ට බල පැවැත්වෙන සංචාරක තහංචියක් ද ඇතුළු තවත් විධි විධාන මාලාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කෙරිණ.

'ඉබෝලා' මැඩලීමේ පුළුල් පරිමාණයේ වෛද්‍ය වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙසත් එම සංවිධානය ඉල්ලා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් මාග‍රට් චෑන් (Margaret Chan) ප්‍රකාශයක් කරමින්, වෛරසයට ගොදුරු වී ඇති රටවලට තනිව ඊට මුහුණ දීමේ ශක්තියක් නොමැති හෙයින් ඒ සඳහා ජාත්‍යන්තර සම්බන්ධීකරණ වැඩ පිළිවෙළක් අවශ්‍ය‍ය කරන බවයි කියා සිටියේ.

Image copyright EPA

වෛරසය ආසාදනය වු පුද්ගලයන් 1711දෙනකුගෙන් 932 ක් මේ වන විට මිය ගොසින්.

ශ්‍රී ලංකාව තුළ වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ රෝගීන් හඳුනාගැනීමේ විශේෂ ඒකකයක් ක්‍රියාත්මක කොට ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

මේ රෝගය සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සමඟ සංදේශය කළ සාකච්ඡාවක් මේ.