‘ජාත්‍යන්තර විශේෂඥයන් ගිරව් නොවෙයි'

Image copyright rlek.org

යුද සමයේ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසමේ විශේෂඥයකු ලෙස කටයුතු කිරීමට කළ ඉල්ලීම තමා භාර ගත් බව ඉන්දීය මානව හිමිකම් ක්‍රියාධර අව්දාෂ් කව්ශාල් බීබීසීයට ප්‍රකාශ කරයි.

යුධ අපරාධ සහ මුලික අයිතිවාසිකම් උල්ලංඝනයවීම සම්බන්ධයෙන් රජයේ ක්‍රියා පිළිවෙත ඉතා නරක ලෙස විවේචනයට ලක්ව තිබෙන අවස්ථාවක මෙවැනි පත් කිරීම් සිදු කිරීම රජය විසින් වැරදි වසන් කිරීමට ගත් උපක්‍රමයක් දැයි විමසූ විට ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා රජයට අවශ්‍ය දේ කිරීමට ජාත්‍යන්තර විශේෂඥයන් සුදානම් නැති බවයි.

ගිරව්

‘ජාත්‍යන්තර විශේෂඥයන් ගිරව් නොවෙයි. රජය කියන දේවල් කියන්න ඔවුන් ලැහැස්ති නැහැ.’ ඉන්දීය මානව හිමිකම් ක්‍රියාධර අව්දාෂ් කව්ශාල් තවදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වසර 1999 සිට ම තමා හඳුනන බව ක්‍රියාධර අව්දාෂ් කව්ශාල් බීබීසීයට හෙළි කළේය.

ජනාධිපතිවරයාගේ සමීපතයෙකුව සිටිය දී ඔහු විසින් ම පත් කරන ලද කොමිසමක කටයුතු කිරීම නිසා බැඳියාවන් අතර ගැටුමක් මතු නොවන්නේදැයි බීබීසීය කළ විමසීමේදී අව්දාෂ් කව්ශාල් කියා තමා යාපනේ ජනතාවටද සමීප බවයි.

‘මම සමීප මහින්ද රාජපක්ෂට විතරක් නෙමෙයි. යාපනේ දුක් විඳින ජනතාවටත් මම සමීපයි. මම දන්නවා එල්ටීටීඊය සිදු කළ වැරදි පවා. රජීව් ගාන්ධි පමණක් නොවෙයි ඔවුන් තමන්ගේම මිනිසුන් පවා මරා දැම්මා.’ අව්දාෂ් කව්ශාල් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර