මංගල ද්වේශ සහගතව කළ ප්‍රකාශයක් - කෙහෙළිය

Image copyright AP

අන්තර් ජාතික විශේෂඥයින් තිදෙනා පත් කළේ රජය ආරක්ෂා කිරීමේ අරමුණෙන් බවට බවත් එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය බැහැර කරන රජය එය ද්වේශ සහගතව කළ ප්‍රකාශයක් බව කියා සිටියි.

උතුරේ යුද්ධයේදී අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීමේ කොමිසමේ කටයුතු නිරීක්ෂණය කිරීමට සහ උපදෙස් දීම සඳහා අන්තර් ජාතික විශේෂඥයින් තිදෙනෙකු පත් කලත් ඔවුන් ඒකාධිපති නායකයන් රැක ගැනීමේ අත්දැකීම් ඇති අය බවත් රාජ්‍ය නායකයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් ඔවුන් පත්කොට ඇති බවත් මංගල සමරවීර මන්ත්‍රීවරයා ඊයේ සංදේශයට ප්‍රකාශ කළේය.

මංගල සමරවීර මන්ත්‍රීවරයා පෙන්වා දීමට උත්සාහ දරා ඇත්තේ රජය සහ රජයේ ප්‍රධානීන් ලෙස ක්‍රියා කරන පුද්ගලයන් දඬුවම් ලබන තැනක

Image copyright AFP

ට ගෙන ආ යුතු බව යයි අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසුවේය.

“ඒ නිසාම ඉදිරියේදී එවැනි දේ බලාපොරොත්තු විය හැකියි. එතකොට අපි බලමු, ” ඇමතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

සරණාගතයන්

ශ්‍රී ලංකාවේ සරණාගත තත්වය ලබා ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තාන ජාතිකයන් රටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමතිවරයා පැවසුවේ එසේ රටින් පිටමං කර ඇත්තේ සංචාරකයන් වශයෙන් පැමිණ නියමිත කාල සීමාව ඉක්මවා සිටි පුද්ගලයන් බවයි.

සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයකු වන එද්රියන් එඩ්වර්ඩ්ස් ප්‍රකාශ කොට තිබුණේ අගෝස්තු 1 වැනිදා සිට මේ දක්වා පාකිස්තානු ජාතිකයන් 88 අට දෙනකු රටින් පිටුවහල් කොට ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ , මේ අතර, කාන්තාවන් 11 දෙනකු සහ ළමුන් අට දෙනකු සිටින බවයි.

මෙසේ පුද්ගලයන් ආපසු යැවීමේදී පවුල්වල සාමාජිකයන් වෙන්වූ අවස්ථා ඇතැයි පවසන සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා පැවසුවේ සතියකට පෙර ස්වාමි පුරුෂයා පාකිස්තානයට යැවීම හේතුවෙන් ඔහුගේ ගැබ් ගත් බිරිඳ තනිවී සිටින බව තම කාර්ය මණ්ඩලය දන්වා ඇති බවයි.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ගිවිසුම් කඩ කර ඇති බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

ගිවිසුම

මේ චෝදනා ප්‍රතික්ෂේප කරන රඹුක්වැල්ල අමාත්‍යවරයා මීට අදාළ 1951 එක්සත් ජාතීන්ගේ ගිවිසුමට ශ්‍රී ලංකාව කොටස් කරුවකු නොවන බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ පොදු නීතිය යටතේ සංචාරක වීසා ලබා දින 30 කට හෝ මාස තුනකට පැමිණ එම කාල සීමාව ඉක්මවා රැඳී සිටින පුද්ගලයන් රටින් පිටමං කිරීම සිදුවන බවයි ඔහු පැවසුවේ.

වර්තමානයේ පැන නැග ඇති තත්වය සාකච්ඡා කිරීම පිණිස විදේශ ලේකම්වරිය පාකිස්තානයට ගොස් සිටින බව පැවසූ ඇමතිවරයා පකිස්තාන රජය මේ සම්බන්ධයෙන් කනස්සල්ල පල කොට නැතැයි ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර